Uncategorised

නිවසේ සිට ආරක්ෂිතව ඉගෙනුම් කටයුතු වල නිරත වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් E-learning පහසුකම් හඳුන්වා දෙයි

දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන්  ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, මැහුම් කලාව ඉගෙනීමට උනන්දුවක් දක්වන්නන් සඳහා සිය  ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.

මෙහිදී ඔවුන් හඳුන්වා දුන්  E-learning  අවකාශයන් හරහා online පාඨමාලා රැසක් සඳහා ලොගින් වීම තුළින්, වීඩියෝ සහ විවිධ නිබන්ධන වෙත පිවිසීමෙන්  ඉතා පහසුවෙන්ම ඉගෙනුම් කටයුතු වල නිරත වීමේ හැකියාව සිසුන්ට හිමි වේ. දවසේ ඕනෑම වේලාවක පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව, දැරිය හැකි පහසු මිල සහ ආරක්ෂිතව නිවසේ සිටම සිය කුසලතා ඔප්නංවා ගැනීමට හැකියාව ලැබීම නිසා මෙම E-learning ක්‍රමවේදය ඕනෑම අයකුට ඉතා ඵලදායීව ඉගෙනුම් කටයුතු සිදු කිරීමට අවකාශය සපයයි. 

විද්‍යාත්මක ඇඳුම් නිර්මාණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, සාරි බ්ලවුස් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සහ කුඩා දරුවන් සඳහා වෙන්වුණු මැහුම් ගෙත්තම් පිළිබඳ පාඨමාලාව සඳහා මෙම  E-learning  අවකාශය හරහා දැන් ප්‍රවේශ විය හැකි අතර, ඉදිරියේදී තවත් පාඨමාලා රැසක් සඳහා මෙම අවකාශය ව්‍යාප්ත වනු ඇත. මෙම සහතික පත්‍ර පාඨමාලාවන් සාර්ථකව නිම කරන සිසුන් සියලු දෙනා හට ඇකඩමිය විසින් මෙහෙයවනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවන් සඳහා යොමු වීමේ හැකියාව හිමි වීම සුවිශේෂී වේ. 

මැහුම් කලාවෙන් ඉදිරියට යෑමේ අභිප්‍රායෙන් සිටින ලොකු කුඩා සියලුම දෙනාට සිය කාලය මැනවින් භාවිත කිරීමට මනා අවස්ථාවක් සපයමින් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙලෙස හඳුන්වා දුන් online පාඨමාලා සඳහා එක්ව අදායම් මාර්ග වැඩි දියුණු  කරගනිමින් ජීවිතය ජය ගැනීමට ඔවුන් හා එක්වන ලෙස සිංගර් ෆැෂන් ඇකඩමිය ඉල්ලා සිටී.  මෙම පාඨමාලා සඳහා පහසු ගෙවීම් ක්‍රම රැසක් පවතින අතර ක්‍රෙඩිට් කාර්ඩ් හෝ ඩෙබිට් කාර්ඩ් මගින්  http://online.singerbusinessschool.com හරහා හෝ  0766 177 177 ඍජු දුරකථන මාර්ග ඔස්සේ ලබා ගන්නා බැංකු විස්තර වෙත අදාල මුදල් තැන්පත් කිරීමෙන්  හෝ ඕනෑම සිංගර් අලෙවි මධ්‍යස්ථානයක් වෙත ගෙවීම් සිදු කිරීම හරහා පහසුවෙන්ම මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකිය. 

දැන් බොහෝ දෙනෙකු විසින් E-learning ක්‍රමවේදයන් ප්‍රිය කරන අතර, සියලුම ඉගෙනුම් ක්‍රම වේදයන් E-learning වෙත නැඹුරු වීමක් වර්තමානයේ දක්නට ලැබේ.  නිවසේ සිට ඉතා පහසුවෙන් අන්තර්ජාලය හරහා යොමු විය හැකි වීමත්, අවම පිරිවැයක් වැය වීමත්, ඕනෑම වෙලාවක තමාට පහසු ලෙස ඉගෙනුම් කටයුතු සිදු කිරීමට හැකි වීමත් නිසා බොහෝ දෙනා ඉතා ප්‍රිය කරන ඉගෙනුම් මාධ්‍යක් ලෙස E-learning හැඳින්විය හැකිය.  දැනට සිසුන් 100කට අධික ප්‍රමාණයක් මෙම  පාඨමාලා ආරම්භයේ සිට කෙටි කාලසීමාවක් තුළ ඒ  සඳහා ලියාපදිංචි වීම, මේ සඳහා පවතින කැමැත්තට කදිම නිදසුනක් වනු ඇති බව සිිංගර් ශ්‍රී ලංකා ව්‍යාපාර පාසලේ ප්‍රධානී කෝෂිත පෙරමුණුගමගේ මහතා පවසා සිටී.

තවද මෙම E-learning පාඨමාලාවන්හි නියැලෙන සෑම සිසුවකු සඳහාම උපදේශකවරයකු පත් කිරිමට සිංගර් ෆැෂන් ඇකඩමිය කටයුතු කරයි. ඒ හේතුවෙන්, සිසුනට නිරතුරුවම උපදේශකවරයා සමගින් සම්බන්ධ වී වැඩිදුර උපදෙස් හා පැහැදිලි කිරීම් ලබා ගත හැකි වේ.  ෆැෂන් ඇකඩමිය මගින්, Microsoft Teams ඔස්සේ, ෆැෂන් ඩිසයිනින් සහතික පත්‍ර පාඨමාලාවට අදාළ මූලධර්ම ඉගෙනුම  සදහා සජීවී අන්තර්ජාල පන්ති ද හඳුන්වා දී ඇත. එහිදී සිසුන්ගේ පැමිණීම අවශ්‍ය වන්නේ, ප්‍රායෝගික සැසීන් සඳහා පමණි.

සාම්ප්‍රදායික පන්තියක ඉගෙනීමේදී මෙන් නොව,   E-learning ක්‍රමවේදය හේතුවෙන් නිවසේ කටයුතු සිදු කරමින් වුව, නැවත නැවතත් අදාළ නිබන්ධන වෙත යොමු වී එය හොඳින්ම ධාරණය වන තෙක් ඉගෙනීමට හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම, මෙම ක්‍රමවේදයේදී සිසුන්ට කාලය කළමණාකරණය කර ගනිමින් අවශ්‍ය විටක විවේක ගනිමින් තමන්ගේම ක්‍රමයකට ඉගෙනීමට හැකියාව ලැබේ. දේශන සඳහා සහභාගි වීමක් අවශ්‍ය නොවන බැවින්, ලොව පුරා   E-learning ක්‍රමවේදය පිරිවැය අඩුවීම හා කාලය ඉතිරි කිරීම අතින් ඉතාමත් ජනප්‍රිය වී තිබේ. එමෙන්ම, ඕනෑම අයකුට ස්වාධීනව තමන් කැමති වෘත්තීය ක්ෂේත්‍රයක් හැදෑරීම සඳහාද එය මාහැඟි අත්වැලකි. 

සිංගර් ෆැෂන් ඇකඩමිය මගින්, ඩිප්ලෝමා පාඨමාලා 3 ක්, සහතික පත්‍ර පාඨමාලා 8 ක් හා කෙටිකාලීන පාඨමාලා 11 ක් පිරි නැමේ. තවද, උපාධි සඳහා මග පාදන ෆැෂන් ඩිසයිනින් වැඩ සටහන් කිහිපයක්ද ඉතා පහසු මිල ගණන් යටතේ එමගින් පැවැත්වේ.  බ්‍රිතාන්‍යයේ Chartered Society of Designers (CSD) වෙතින් පාඨමාලා සඳහා වලංගු සහතිකයක් පිරිනැමෙන ශ්‍රී ලංකාවේ පළමු හා එකම වෘත්තීය අධ්‍යාපනික ආයතනය වන්නේද, සිංගර් ෆැෂන් ඇකඩමියයි. ලොව වෙනස් වන ප්‍රවණතාවන්ට සරිලන පරිදි සිංගර් ෆැෂන් ඇකඩමිය නිරන්තරයෙන් සිය පාඨමාලා යාවත්කාලීන කරන අතර, ගෝලීය ප්‍රමිතීන් කරා ළමුන් සවිබල ගැන්වීම උදෙසා නව්‍යතම ඉගෙනුම් විසඳුම්ද ඉදිරිපත් කරයි.

සිංගර් ෆැෂන් ඇකඩමියේ පාඨමාලා පිළිබඳ වැඩි විස්තර, http://online.singerbusinessschool.com වෙබ් අඩවියෙන් හෝ [email protected] යන ලිපිනයට යොමු කරන ලද ඊමේල් පණිවිඩයක් මගින් දැන ගත හැකිය.

Comment here