Uncategorised

හේමාස් කන්සියුමර් විසින් දංකොටුව මූලික රෝහල වෙත සුවිශේෂී පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක්  වන හේමාස් කන්සියුමර්, ශිඝ්‍රයෙන් දිවයින තුළ පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට අඛණ්ඩව දායකත්වය සපයමින් සිටින ප්‍රමුඛ දේශීය සමාගමකි. එම ප්‍රයන්තයේ තවත් එක් අදියරක් ලෙස, රෝගීන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණින්,  කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන් වූ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන දංකොටුව මූලික රෝහලේ කොවිඩ් වාට්ටුව් වෙත අතවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීම මෑතකදී සිදු කෙරිණි. 

01. වමේ සිට –   දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය තිලක් රණසිංහ,  හේමාස් කන්සියුමර් හි සැපයුම්දාම අධ්‍යක්ෂ චන්දන වීරබාහු,  මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මහින්ද විජේසේකර,  කනිෂ්ඨ විධායක පරිපාලන ලසන්ත කළුපහන, පාරිභෝගික අනුකූලතා හා පද්ධති කළමනාකරු සංජීවන් ඊස්පරානාදන්

කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය උණුසුම් පානීය ජලය ලබා ගැනීම සහතික කරමින්, ඔවුන් හට ඉතා අත්‍යවශ්‍ය උපකරණයක් වන වෝටර් හීටර් මෙලෙස පරිත්‍යාග කළ උපකරණ අතර වේ. 

මෙම භාණ්ඩ පරිත්‍යාග කිරීමේ අවස්ථාව සඳහා හේමාස් කන්සියුමර් හි සැපයුම්දාම අධ්‍යක්ෂ චන්දන වීරබාහු,  මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මහින්ද විජේසේකර,  පාරිභෝගික අනුකූලතා හා පද්ධති කළමනාකරු සංජීවන්  ඊස්පරානාදන් යන මහත්වරුන් ද, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය R.T නිශාන්ත රණසිංහ ඇතුළු දංකොටුව මූලික රෝහලේ වෛද්‍ය කණ්ඩායම සහ කාර්ය මණ්ඩලය එක් විය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් හේමාස් කන්සියුමර්හි සැපයුම්දාම අධ්‍යක්ෂ චන්දන වීරබාහු මහතා මෙලෙස පවසා සිටයි.  “හේමාස් හි අප නිරතුරුවම ක්‍රියා කරන්නේ, සියලුම ශ්‍රී ලාංකිකයින්ට සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීමට අවශ්‍ය පහසුකම් සෑම අතින්ම නඟා සිටුවීම කෙරෙහියි.  මේ එළඹ ඇත්තේ අපගේ උදව් උපකාර ප්‍රජාවට අවශ්‍යම මොහොත වන අතර, අන් සෑමදාම මෙන්ම,  වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා අප ආයතනයක් ලෙස අඛණ්ඩව කැපවෙමින් ක්‍රියා කරනවා.  පැතිර යන කොවිඩ් වසංගත තත්වයත් සමඟ,  අපගේම සහෝදර ජනතාව මුහුණපාන ගැටළු හඳුනා ගනිමින්, රෝගීන් මෙන්ම රෝහල් සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව මනා වැටහීමකින් යුතුව, ඔවුන්ට අවශ්‍ය සහය සැපයීමට අප ඉදිරියටත් ක්‍රියා කරනවා.”

හේමාස් කන්සියුමර් කණ්ඩායම විසින් දංකොටුව මූලික රෝහල වෙත පරිත්‍යාග සිදු කරමින්

පරිසරය ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ  ජීවන තත්ත්වය නංවාලීම සඳහා අඛණ්ඩව ක්‍රියා කරන ආයතන අතර හේමාස් සමාගම ඉදිරියෙන්ම සිටින බව කිව හැකිය.

Comment here