Uncategorised

ලොව පිළිගත් HP Printers, දැන් Singer වෙතින්

පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන සිංගර්, තොරතුරු තාක්ෂණ විසඳුම් මෙන්ම මුද්‍රණ විසඳුම් සම්බන්ධයෙන් ප්‍රමුඛතම බෙදා හරින්නකු වන ට්‍රයිඩන්ට් කෝපරේෂන්ස් හා අත්වැල් බැඳ ගනිමින් ලොව පිළිගත් HP Printers ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින සිංගර් පාරිභෝගිකයින් හට දැන්, Singer Mega හා Singer Plus ප්‍රදර්ශනාගාර ජාලය මගින් ලොව ප්‍රකට HP Printers මුල්වරට ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.

මෙම අත්වැල් බැඳ ගැනීම තහවුරු කරමින් අදාළ ගිවිසුම් හුවමාරු කරගැනීම පසුගියදා සිදු කෙරිණි. එම අවස්ථාවේදී, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස අදහස් දැක්විය.

“මෙමගින් වැඩි පාරිභෝගික පිරිසක් වෙත HP Printers ලබා දීමට හැකි වන නිසා, මෙම අත්වැල් බැඳ ගැනීම සිංගර් හා ට්‍රයිඩන්ට් කෝපරේෂන්ස් ආයතන ද්විත්වයම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වශයෙන් සඳහන් කළ හැකියි. සිංගර් අනුගමනය කරන බහු- සන්නාම හඳුන්වා දීමේ ක්‍රමවේදය අනුව, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට හඳුන්වා දෙන මෙම නවතම HP මුද්‍රණ යන්ත්‍ර, ඔවුනට ඉතාමත් පහසුවෙන් මිලදී ගත හැකියි. එමෙන්ම, නිවාසවල හා කාර්යාලවල භාවිතය සඳහා පුළුල් පරාසයක නිෂ්පාදන, සිංගර් විශ්වාසය සමගින් පාරිභෝගිකයින් හට ලබා ගත හැකි වීමත් විශේෂත්වයක්.”

පාරිභෝගිකයින්ගේ පහසුව උදා කරදීම පිණිස මෙලෙස, ලොව පිළිගත් බහු-සන්නාම සමග අත්වැල් බැඳ ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරන සිංගර්, මෙම අත්වැල් බැඳ ගැනීමෙන් පාරිභෝගිකයින්ට පහසු මුද්‍රණ විසඳුම් ගණනාවක් දැරිය හැකි මිලකට පිරි නැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, සිය අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නිවෙස්වල හෝ කාර්යාලයන්හි භාවිතය සඳහා පහසු මිල ගණන් යටතේ,‍් මුද්‍රණ යන්ත්‍ර ගණනාවක්ම මිලදී ගැනීමට ඉඩකඩ සැලසී තිබේ.

HP Printers ලොවට පිරිනමන HP ඉන්කෝපරේෂන්ස් සමාගම, ගෝලීය මුද්‍රණ යන්ත්‍ර වෙළඳපොළෙන් 42% ක ප්‍රතිශතයකට හිමිකම් කියන, ලොව ප්‍රමුඛතම මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ නිෂ්පාදකයා ය. HP මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ පිළිබඳ පවතින විශ්වාසනීයත්වය, කාර්යක්ෂමභාවය මෙන්ම ඒවා සඳහා වැයවන අවම නඩත්තු පිරිවැය හේතුවෙන් මෙම මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ අද වන විට ලොව පුරා ජනප්‍රිය වී තිබෙන අතර, මුද්‍රණයෙහි උසස්ම තත්ත්වය, පැහැදිලි අක්ෂර හා බොඳ නොවන ඡායාරූප ආදිය එම යන්ත්‍ර මගින් වන නිමවුම්වලට ආවේණික ලක්ෂණ වේ.

මෙම ලක්ෂණ කැටිකර ගනිමින්, සිංගර් වෙතින් පිරිනැමෙන HP මුද්‍රණ යන්ත්‍ර මාදිලි පෙළට පාරිභෝගිකයින්ගේ සියලු මුද්‍රණ අවශ්‍යතා සපුරාලීමට සමත් වන මුද්‍රණ යන්ත්‍ර ගණනාවක් ඇතුළත් ව තිබේ. එලෙස පිරිනමන මුද්‍රණ යන්ත්‍ර එකතුවට, entry-level මාදිලියේ වර්ණ මුද්‍රණ යන්ත්‍ර  වන HP DeskJet 2336 මෙන්ම, සියලු මුද්‍රණ අවශ්‍යතාවයන් සඳහා හොඳම විසඳුමක් වන mid range මාදිලියේ HP Ink Tank 415 වැනි මුද්‍රණ යන්ත්‍ර ඇතුළත් වෙයි. එම මුද්‍රණ යන්ත්‍ර මගින්, ඉතා වේගවත් පිටපත් කිරීමේ හා ස්කෑන් කිරීමේ හැකියාවක් පිරි නැමීම සඳහා Ink Tank තාක්ෂණය මුසු කර නිපදවා තිබේ. එමෙන්ම ජංගම මුද්‍රණයට සහාය දක්වන Smart Tank තාක්ෂණය අනුව නිපදවා ඇති, HP Smart Tank 515 නවතම  මුද්‍රණ යන්ත්‍රයකි. තවද ලේසර් තාක්ෂණය සමග එන HP Laser 107 වැනි මුද්‍රණ යන්ත්‍ර මගින් ද පුළුල් විසඳුම් ගණනාවක් පාරිභෝගික අවශ්‍යතාවය අනුව පිරිනමනු ලැබේ.

මෙම HP මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ, දැන් දිවයින පුරා Singer Mega හා Singer Plus මගින් මිලදී ගත හැකි අතර, www.singer.lk. වෙබ් අඩවිය මගින් ද ඇණවුම් කළ හැකිය එමෙන්ම සිංගර් වෙතින් පිරිනමන වගකීම් සහතිකය මෙන්ම, ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් මගින් ගෙවීමේ පහසුකමද, කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම ද පිරි නැමේ. එමෙන්ම, සිංගර් වෙතින් අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක්ද පාරිභෝගිකයින් හට හිමි වීම විශේෂත්වයකි. 

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමගම, පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන විශිෂ්ටතම සේවාවක් පිරි නැමීම හේතුවෙන්, දිවයින පුරා ව්‍යාප්ත ශක්තිමත් පාරිභෝගික පදනමක් ඒ සතුව පවතී. එමෙන්ම,‍ දිනෙන් දින වර්ධනය වන එම පාරිභෝගික පදනමට සරිලන පරිදි, උසස් තත්ත්වයේ ජාත්‍යන්තර සන්නාම පාරිභෝගිකයින් හට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද, සිංගර් ප්‍රසිද්ධියක් උසුලයි. දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර 430 කට අධික සංඛ්‍යාවක් හා ශක්තිමත් අලෙවි ජාලයක් මෙන්ම ඊ- වාණිජ අවකාශයක් ඇති සිංගර්, ජාත්‍යන්තර පිළිගත් සන්නාම 50 කට අධික සංඛ්‍යාවක ගෘහ උපකරණ 1200 ක් හා විදුලි උපකරණ 600 ක් පාරිභෝගිකයින් වෙත පිරි නමමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමය බවට පත්ව තිබේ.

Comment here