Uncategorised

සොලෙක්ස් – යුනිකෝ ජල පොම්ප සිය 15 වන සංවත්සරය සමරයි

සොලෙක්ස් සමූහ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා කෘෂිකර්ම විවිධ වූ ජල කළමණාකරණ අවශ්‍යතා හඳුනා ගනිමින් සියයකට අධික වතුර පොම්ප මාදිලි ප්‍රමාණයක් නිශ්පාදනය කරයි. පසුගිය දශක 4 තුළ සොලෙක්ස් සන්නාමය බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සිත් දිනාගත් අතර අති නවීන තාක්‍ෂණය ද භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූ ජල පොම්පය බවට පත්විය.

ගෙවන මුදලට ඉහල වටිනාකමක් ලබා දීමේ අරමුණින් සොලෙක්ස් සමූහ ව්‍යාපාරය විසින් 2005 වසරේදී  “ යුනිකෝ ජල පොම්ප” නමින් සිය නව සාමාජීකයා ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. යුනිකෝ ජල පොම්ප හඳුන්වා දීමත් සමඟ සොලෙක්ස් සමූහ ව්‍යාපාරයට සිය සන්නාම කළඔ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වැඩි සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබුණි. වෙළෙදපොලේ ආනයනික වතුර පොම්ප අතරින් තරඟකාරී මිලකට හා උසස් තත්වයේ නිමැයුමක් ලෙස යුනිකෝ වතුර පොම්ප හඳුන්වා දිය හැක.

පොදු පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සහ ජල පොම්ප කර්මාන්තය තුළ සොලෙක්ස් සමූහ ව්‍යාපාරයේ සමස්ත ග්‍රහණය ශක්තිමත් කිරීමේ අරමුණින් උපාලි විජයසිරි මැතිතුමා (සභාපති) සහ එම මැතිනිය වන මංජුලා විජයසිරි (නියෝජ්‍ය සභාපති/ අධ්‍යක්‍ෂ මෙහෙයුම් ) විසින් යුනිකෝ ජල පොම්ප සංකල්පය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී.

සොලෙක්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපති/ අධ්‍යක්‍ෂිකා මංජුලා විජයසිරි මැතිනිය මෙසේ අදහස් පැවසීය. “අප ආයතනය පාරිභොගිකයන්ට උසස් තත්වයේ වටිනාකමක් සහිත ජල විසඳුම් ලබා දෙන සමාගමක්. පසුගිය දශකය තුළ යුනිකෝ මගින් ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ සිය ග්‍රහණය ක්‍රමයෙන් ශක්තිමත් කර ගත් අතර අපගේ නිශ්පාදන පරාසයද බොහෝ දුරට පුළුල් කර ගැනීමට සමත්ව තිබෙනවා. යුනිකෝ ගෘහස්ත ජල පොම්ප 0.5Hp – 2 Hp දක්වා පරාසයක පවතින අතර ඊට අමතරව ගිල්විය හැකි සහ නළ ළිං පොම්ප ගනනාවක් ද පාරිභොගිකයන්ට හඳුන්වා දී තිබෙනවා. යුනිකෝ මෙතක් ආ ගමන්මගෙහි සාර්ථකත්වය වෙනුවෙන් සොලෙක්ස් කණ්ඩායමට මම හදවතින්ම සුභ පතනවා. සොලෙක්ස් සහ යුනිකෝ යන දෙඅංශය ශක්තිමත් කිරීමට තවත් වසර ගණනාවක් අපි වෙහෙස මහන්සි වී වැඩ කරමු.

ඉහල ගුණාත්මකභාවය සහ විශිෂ්ට අලෙවියන් පසු සේවාව තුලින් දේශීය අලෙවිකරුවන්ගේ විශ්වාසය දිනා ගැනිමට යුනිකෝ වතුර පොම්ප සමත් විය. ගණේමුල්ලේ පිහිටි කර්මාන්තශාලා සංකීර්ණයේ සිටින ඉංජිනේරුවන් කණ්ඩායමක් මගින් මෙහෙයවනු ලබන කාර්යය මණ්ඩලයක් විසින් ඉහලම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව යුනිකෝ පොම්ප නිමැයුම් කරනු ලබයි. දිවයින පුරා පිහිටි ප්‍රමුඛ පෙලේ හාඩ්වෙයාර් සහ තෝරා ගත් ඉලෙක්ට්‍රොනික වෙලෙඳසැල් මගින් යුනිකෝ පොම්ප දැන් මිලදී ගත හැකිය.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න  www.solex.lk

Comment here