Uncategorised

දේශීය අංගම් සටන් කලාව අගයන 2021 ඩීමෝ දින දර්ශනය

පාරම්පරික දේශීය සටන් ක්‍රමයක් වන අංගම් පොර සටන් කලාව ඉදිරි පරම්පරාවට දායාද කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ ඔවුන්ගේ මෙවර දින දර්ශනය සඳහා අංගම් පොර සටන් කලාව තේමා කර ගන්නා ලදී.  මෙය ඔවුන්ගේ දසවන දින දර්ශනයයි. 

පාරම්පරික දේශීය සටන් ක්‍රමයක් වශයෙන් තහවුරු කෙරෙන අංගම් පොර සටන් කලාව අපේ සංස්කෘතික උරුමයක් වේ.   අතීත ශිල්පඥානය ප්‍රකට කරන මෙම  සටන් ශිල්ප ක්‍රමයේ ආරම්භය ඈත එපිට අතීතයට දිව යයි.  ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට යටත්වීමෙන් පසුව මෙරට අංගම්පොර කලාව පරිහානියට පත් වූවදදේශීයව ඉහළ සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමක් ඇති මෙම අංගම් සටන් කලාව පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමේ වැදගත්කම මැනවින් අවබෝධ කරගනිමින්, ඩීමෝ විසින්  2021 වර්ෂය සඳහා වූ සිය දින දර්ශනයේ තේමාව ලෙස අංගම් සටන්  පිළිබඳ විවිධ තතු ආකර්ෂණීය අන්දමින් එක් කර ඇත. අතීත දක්‍ෂ අංගම්පොර සටන් ශිල්පීන් සහ රණශූරයින් හට උපහාරයක් ලෙස මෙම දින දර්ශනය නිකුත් කර ඇති බව පිළිඹිබු වේ.

දින දර්ශනයේ පිටු අතර ගවේෂණය කරන ඕනෑම අයකු ආකර්ෂණය කරගන්නා අන්දමින් ඉතා සිත් ඇඳගන්නා සුළු ලෙස ශ්‍රී ලාංකීය ප්‍රෞඩ ඉතිහාසය පිටු අතර සංකලනය කිරීමට මෙවර දින දර්ශනය සමත් වී ඇත. කඩු සටන්, අනුරාධපුර රාජධානියේ මුල් කාලීන රණශූරයන්, භාවනා තුළින් රණශූරයාට අධ්‍යාත්මික පුහුණුව ලබා දුන් ආකාර, ශ්‍රී මේඝ රත්නපාලි රැජිනියගේ කතා මාලාවමෙවර දින දර්ශනය තුළින් දැනුමට එක් කර ගත හැකි දෑ අතර වේ.  තවද අංගම් කලාව සහ නිල ශාස්ත‍්‍රය අතර ඇති මනා සම්බන්ධතාවය පිළිබඳද මෙවර දින දර්ශනය තුළින් මානව පැහැදිළි වේ.

මෙවර දින දර්ශනය පිළිබඳ සිය අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පවසා සිටියේය. “අනාගත පරම්පරාව වෙත අපගේ අතීත උරුමයන් සහ ඉතිහාසය පිළිබඳ නිවැරදි තොරතුරු සහ  අවබෝධය ලබා දීම තුළින් අපටම අවේණික වූ සංස්කෘතිය සංරක්‍ෂණය කිරීම සඳහා ඩීමෝ නිරන්තරයෙන් කැපවී ක්‍රියා කරන ආයතනයකි.  අංගම්පොර සටන් කලාව දේශීය ආත්මාරක්‍ෂක සටන් කලාවක් ලෙස ඉපැරණි ශ්‍රී ලාංකීක රාජකීයයන් භාවිතා කල අතර, වර්තමානයේ අංගම්පොර සටන් කලාව පුනර්ජීවනය වෙමින් පවතී. මෙවන් යුගයක එම සුවිශේෂී සටන් කලාව පිළිබඳ අපගේ ප්‍රජාවන් දැනුවත් කිරීම උදෙසා අපගේ 2021 දින දර්ශනය කදිම වේදිකාවක් වනු ඇති බව අපගේ විශ්වාසයයි”.

මෙවර දින දර්ශනයේ සිත් ඇඳ ගන්නා සුළු අන්දමින්  නිර්මාණ සිදු කර ඇත්තේ, ශ්‍රී ලංකා ඉතිහාසය හා පුරාණ ජීවන රටාවන් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ප්‍රසන්න වීරක්කොඩි කලාකරුවා විසිනි.

ඩීමෝ දින දර්ශනයේ නිර්මාණාත්මක සංකල්පය Sarva Integrated විසින් ඉදිරිපත් කරන ලද අතර මුද්‍රණය Neptune Printers  විසින් සිදු කරන ලදී.  Sarva Integrated හි නිර්මාණාත්මක කණ්ඩායම විසින් දින දර්ශනයේ නිර්මාණයන් ඉතා උසස් අන්දමින් සෑම පිටුවකම කථාවට ජීවයක් ගෙන දෙන අන්දමින් සංකල්පනය කරන ලදී.  තවද  විවිධ ක්ෂේත්‍රවල විවිධ පුද්ගලයින්ගේ වටිනා දායකත්වය මෙවර දින දර්ශනය ඉතා සිත් ඇඳ ගන්නා සුළු අන්දමින් නිර්මාණය කර අවසන් කිරීමට ඉවහල් විය.  මෙවර දින දර්ශනයේ තවත් එක් සුවිශේෂීතාවයක් ලෙස එහි පරිසර හිතකාමී මුද්‍රණය හැඳින්විය හැකිය. 

Forest Stewardship Council මඟින් අනුමත කරන ලද කඩදාසි මත මුද්‍රණය කර ඇති මෙවර දින දර්ශනය , ඊයම්, කැඩ්මියම්, රසදිය සහ ක්‍රෝමියම් වැනි විෂ සහිත බැර ලෝහවලින් තොර පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් සාදන ලද තීන්ත සහ ජලය පදනම් කරගත් ආලේපන භාවිතා කරමින් නිර්මාණය කර ඇත.

Comment here