Uncategorised

උසස් පෙළ කඩයිමේ “විශිෂ්ටයන් අතර විශිෂ්ටයන්” සඳහා “විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” එළිදැක්වීම මඟින් IIT සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්‍ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන ඉන්ෆෝමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් “IIT විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” හඳුන්වා දෙමින් සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සමරන ලදී.

IIT විසින් 30 වසරක කාලයක් පුරාවට සිය ගෝලීය වශයෙන් පිළිගත් උපාධි පාඨමාලා තුලින් ශ්‍රී ලංකාව තුල සහ ලෝකය පුරා වටිනාකමට භාජනය වන සුදුසුකම් සහ ගුණාත්මකභාවය අඛණ්ඩව ලබා දී ඇත. උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෙකු වශයෙන් IIT විසින් උපාධිධාරීන් බල ගැන්වීම තුලින් ඔවුන්ව ලොව පුරා පිළිගත් නවෝත්පාදකයින්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික නායකයින් බවට පත්කිරීමෙන් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුල විප්ලවීය වෙනසක් සිදු කර ඇත. IIT විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යනු ශ්‍රී ලාංකික සිසුන් සඳහා ඔවුන් ලබා දීමට නියමිත සුවිශේෂී දීමනාවන් අතර අලුත්ම අංගයයි. එය උසස් පෙළ කඩයිම් විභාගයෙන් අවම වශයෙන් A සාමාර්ථ 3 ක් ලබාගත් සිසුන් සඳහා පමණක් ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහනක් වන අතර මෙම ශිෂ්‍යත්ව ලබා දීමේ ප්‍රවේශය IIT හි උපාධි පාඨමාලා වලට ඇතුළු වීමේදී අනුගමනය කරනු ලබන පොදු ප්‍රවේශ නිර්ණායකයන්ට අනුකූල වේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් තෝරාගත් සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් එක්සත් රාජධානිය විසින් ලබා දෙන උපාධි ලබා ගැනිම තුලින් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීමට අවකාශය ලැබෙනු ඇත. ඔවුන්ගේ ප්‍රථිපල මඟින් ඕනෑම ප්‍රමුඛ පෙළේ දේශීය විශ්ව විද්‍යාලයක ඔවුන්ගේ ස්ථානය සහතික කෙරෙන අතර, IIT විසින් ලබා දෙන උපාධි පාඨමාලා පහෙන් එකක් අනුගමනය කිරීමෙන් තෝරාගත් සිසුන්ට ඕනෑම දේශීය විශ්ව විද්‍යාලයකට වඩා ගෝලීය ශ්‍රේණිගත කිරීම් ඇති එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. මීට අමතරව, තුලින් ඔවුන්ට හැකි ඉක්මනින් උපාධිය ආරම්භ කර වසර 4ක කාලයක් තුල අවසන්කිරීමේ හැකියාව ලැබෙන බැවින් ඒ තුලින් ඔවුන්ට ඔවුන්ගේ වටිනා කාලය ඉතිරි කරගැනීමටත් වෘත්තීය ජීවිතයට ආරම්භයක් ලබා දීමටත් හැකියාව ලැබෙනු ඇත.

මෙම ශිෂ්‍යත්ව ක්‍රමය තුලින් ලන්ඩන් උසස් පෙළ හදාරන ලද A සමාර්ථ 3ක් ලබාගත් සිසුන් සඳහා සියයට 50ක ප්‍රතිශතයක වට්ටමක් ලබා දෙනු ඇත. දේශීය උසස් පෙළ සඳහා, තාක්ෂණ, විද්‍යා, ගණිත, කලා සහ වාණිජ යන අංශවල අවම වශයෙන් A සමාර්ථ 3ක් ලබා ඇති සියලුම සිසුන්ට මේ සඳහා අයදුම් කල හැකි අතර ඒ අතරින් දිවයිනේ විශිෂ්ට සමාර්ථ ලබාගත් ප්‍රථම 50 සහ 100 අතර සිටින සිසුන් සඳහා සුවිශේෂී වට්ටම් හිමිවේ. මීට අමතරව, නායකත්ව තනතුරු වන ප්‍රධාන ශිෂ්‍ය නායක, නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ නායක සහ ජාතික හෝ පාසල් වර්ණ හා ක්‍රීඩා කපිතාන් වැනි ක්‍රීඩාවන්හි දක්ෂතා දක්වන සිසුන් ද මෙම ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබයි. රටේ පවතින වසංගතය හේතුවෙන් අධ්‍යයන කටයුතු අඩාල වී ඇති සිසුන්ට සහාය වීම සඳහා, 2020 සැප්තැම්බර් සහ 2021 ජනවාරි මාසවලදී සමාර්ථ  බලාපොරොත්තුවෙන් සිටින කාලයේදී IIT හා සම්බන්ධ වූ සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්ව අදාළ වන බව  IIT සහතික කර තිබේ. දැනට IIT වෙතින්  පිරිනමනු ලබන උපාධි පාඨමාලා 5හි ප්‍රථම වසර සඳහා පමණක් මෙම (L4) මෙම ශිෂ්‍යත්ව අදාළ වන අතර  වර්ෂ 2 සහ අවසාන වසර තීරණය වන්නේ ඔවුන්ගේ අධ්‍යයන කාර්ය සාධනය අනුව ය.

IIT විසින් සිසුන් සඳහා පූර්ණ කාලීන අවුරුදු 4 ක උපාධි වැඩසටහන් පහක් ඉදිරිපත් කරයි. පරිගණක පාසල විසින් එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන BSc (Hons) පරිගණක විද්‍යාව සහ BEng (Hons) මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව මෙන්ම එක්සත් රාජධානියේ රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන BSc (Hons) කෘතිම බුද්ධිය සහ දත්ත විද්‍යාව යන උපාධි පිරිනමයි. ව්‍යාපාර පාසල විසින්  එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන BSc (Hons) ව්‍යාපාර තොරතුරු පද්ධති සහ BA (Hons) ව්‍යාපාර කළමනාකරණය යන උපාධි ඉදිරිපත් කරයි. මෙම උපාධි පාඨමාලා 5 ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඒවා වේ.

IIT හි ප්‍රධාන විධායක නිලධාරී මොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “”IIT විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය”  අපගේ නවතම නවෝත්පාදනය වන අතර එහිදී දේශීය හා ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ඇති හොඳම සිසුන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීම අප විසින් සිදු කරනු ලබනවා. ගෝලීය වශයෙන් පිළිගත්  එක්සත් රාජධානියේ උපාධි 5 ක් අප විසින් පිරිනමනු ලබනවා.හොඳම හා දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් අප විශ්වවිද්‍යාලය වෙත ආකර්ෂණය කර ගැනීමේ ආඩම්බර ඉතිහාසයක් IIT සතුව තියෙනවා. මෙම වැඩසටහන එම ප්‍රවේශයේ තවත් අඛණ්ඩ පියවරක්. මෙම වැඩසටහන තුළින් අපට මෙම කැපී පෙනෙන සිසුන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හෝ ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් උපාධියක් ලබා ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා අත්වැලක් ලබා දිය හැකි අතර එමඟින් ඔවුන්ට ඔවුන්ගේ  වෘත්තීන්හි ආරම්භයක් ලබා ගැනීම තුලින් ජීවිතයේ සාර්ථකත්වයට පත්වීමේ හැකියාව ලැබෙනු ඇත. ”

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ කීර්තිමත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන පළමු පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනය ලෙස 1990 දී IIT ආරම්භ කරන ලදී. IIT යනු එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයෙන් සහ එක්සත් රාජධානියේ රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි සහ අනෙකුත් උපාධි ලබා දෙන සම්මානලාභී විශ්ව විද්‍යාලයකි. ගෝලීය මට්ටමේ හැකියාවෙන් යුතු උපාධිධාරීන් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අංශ ශක්තිමත් කිරීම සඳහා IIT වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. 1990 දී ආරම්භ කළ දින සිට, ලොව පුරා බොහෝ රටවල දැනට රැකියාවේ නිරත වන උපාධිධාරීන් 5,000 කට අධික සංඛ්‍යාවක් IIT විසින් බිහිකර ඇත. මෙම උපාධිධාරීන් දේශීය හා විදේශීය පෞද්ගලික හා රජයේ ආයතනවල සාර්ථක ව්‍යවසායකයින් සහ තොරතුරු තාක්ෂණ / ව්‍යාපාර වෘත්තිකයන් බවට පත්ව ඇත. ප්‍රධාන උපායමාර්ගික තනතුරු දරමින් බහුජාතික හා දේශීය සමාගම් 250 කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දී ඔවුන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර ඔවුන්ගේ සංවිධානවල වර්ධනයට ද  ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

IIT විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය පිළිබඳ වැඩි විස්තර සඳහා www.iit.ac.lk වෙත පිවිසෙන්න හෝ 0766 760 760 අමතන්න.

Comment here