Uncategorised

ඉ – ස්වාභිමානි 2020, ඩිජිටල් නවෝත්පාදන හා නිමැවුම් සම්මාන ප්‍රදානයේ ජයග්‍රාහකයන් අගයයි

ශ්‍රි ලංකා   තොරතුරු හා සන්නිවේදන  තාක්‍ෂණ නියෝජිතායතනය  (ICTA) විසින් 10වන වරටත් සංවිධානය කරන ලද, ඉ – ස්වාභිමානි ඩිජිටල් නවෝත්පාදන හා නිමැවුම් සම්මාන ප්‍රදානෝත්සවය සුවිශේෂී ඛාණ්ඩ 10ක  ජයග්‍රාහකයන් 62ක් සම්මානයට පාත්‍ර කරමින් පසුගිය දා පැවැත්විණි

ඩිජිටල් නවෝත්පාදනයන්ගේ විශිෂ්ටත්වය හඳුනා ගැනීම සහ ජාත්‍යන්තර මට්ටමට ළඟා විය හැකි දේශීය කුසලතා දියුණු කිරීම වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කරමින් ඉ-ස්වාභිමානි මෙම ජාතික ඩිජිටල් නවෝත්පාදන හා නිමැවුම් සම්මානයෙන් අගයන ලදි.

නිර්දේශිත නාමයන් අතරින් Crayons Education (Pvt) Ltd හි A/L කුප්පිය  සහ   Fusion Lab (Pvt) Ltd  හි Gavesha Education Platform , ඉගෙනුම හා අධ්‍යාපන ඛාණ්ඩයේ ජයග්‍රාහකයන් බවට පත් විය. Extrogene Software (Pvt) Ltd විසින් ඉදිරිපත් කළ  Vibhaga, සවනි කවිෂ්කා ද සිල්වා ගේ නිපැයුමක් වන   Speakopedia, සහ Treinetic (Pvt) Ltd මගින් ඉදිරිපත් කරන ලද Examiner   කුසලතා සම්මාන දිනා ගන්නා ලදි. එම ඛාණ්ඩයේම EFutureTech Systems (Pvt) Ltd හි RUBIK.LK ඇගයුම් සහතිකයෙන් පිදුම් ලැබූ අතර NeLCon Studio සමගින් කැලණිය විශ්ව විද්‍යාලයේ ජාතික ඉ – ඉගැනුම් සම්පත් මධ්‍යස්ථානය, ජූරියේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය.

අන්තර්ග්‍රහය  හා බලගැන්වීම්  ඛාණ්ඩයේ ජයග්‍රාහකයන් වූයේ  Sumaga Ruhunu Circle of the Deaf මගින් ඉදිරිපත් කරන ලද   e- sign  Reader  සහ  Divor Automations (Pvt) Ltd හි Automated Farmer Pay   පද්ධතියයි. මෙම ඛාණ්ඩයේම කුසලතා සම්මාන  Sarvodaya-Fusion  හි IT Yahamaga  සහ   Arimac Lanka මගින් ඉදිරිපත් කරන ලද Diyazen  වෙත ප්‍රදානය කරන ලදි. එසේම    Mohamed Ifram Ismath නිපදවන වන ලද   TrustCredit  ඇගයුම් සහතිකයෙන් පිදුම් ලබන ලදි.

සංස්කෘතික හා සංචාරක ව්‍යාපාර ඛාණ්ඩයේ දී, Ideamart Dialog Axiata PLC මගින්  Digital Vesak Kalapaya 2020    සහ  eMarketingEye (Pvt) Ltd මගින් ඉදිරිපත් කල  VouchersEye ඉහළම ගෞරවයට පාත්‍ර වූ අතර, Technobrain International (Pvt) Ltd  නිර්මාණය කරන ලද Gateway to East (@VirtualSriLanka)   සහ Sri Lanka VR – Sri Lanka via 360 Virtual Tours සඳහා   උමාර් සයිබුකන්දු කුසලතා සම්මාන දිනා ගන්නා ලදි.

සෞඛ්‍ය  හා සුභසාධන ඛාණ්ඩයේ ජයග්‍රාහකයන් වූයේ VirtualPT ඉදිරිපත් කල තමිඳු  හෙයියන්තුඩුව, නිකිණි අමරපාල , සතිෂ් රවිඳු , විනුර ගුණතිලක ,Arimac Lanka හි Docsol, Millennium I.T. E.S.P. (Pvt) Ltd මගින් HealthVision,  SLIIT Group  හි Sawanatha ( ජගත් වික්‍රමරත්න සහ ඩිස්නි ශ්‍රියාරත්න ආචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ N.M.D.N විජේරත්න, K.W.T ශ්‍යාමලී, S.M.සේනානායක )එම ඛාණ්ඩයේම  කුසලතා සම්මාන දිනා ගන්නා ලද්දේ   Health Informatics Society of Sri Lanka මගින්  ඉදිරිපත් කල  Self Shield App , SenzMate (Pvt) Ltd මගින් ඉදිපත්  කරනු ලැබූ    POLAR , සහ   Jendo Innovations (Pvt) Limited හි Jendoවේ.   F Code Labs (Pvt) Limited  විසින් Path to Nibbana,  Redot Pvt Ltd  මගින්  TraceMe සහ Adventa Holdings (Pvt) Ltd මගින් ඉදිපත්  කරනු ලැබූ REMOTIM ඇගයුම් සහතිකයෙන් පිදුම් ලබන ලදි. Kinza Group (Pvt) Ltd ඉදිරිපත් කරන ලද  COVID-19 Prevent, ජූරියේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබන ලදි.

ඉහත ඛාණ්ඩයන්ට අමතරව රාජ්‍ය  හා පුරවැසි සහභාගිත්වය  , පරිසරය හා හරිත බලශක්තිය, ව්‍යාපාර හා වානිජ්‍ය, සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය , සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ඩිජිටල් විනෝදාස්වාදය, යොවුන් කාණ්ඩය   යන  මුලික තරග කාණ්ඩ යටතේ මෙම සම්මාන ප්‍රදානය කරන ලදි.

ඩිජිටල් නවෝත්පාදනයන් වැඩි දියුණු කිරීම සහ ඩිජිටල් ලෙස ඇතුළත් වූ ලොවක් නිර්මාණය කිරීම සදහා සහය සැපයීම වෙනුවෙන්  ඉ – ස්වාභිමානි 2020 වෙත හුවාවේ ටෙක්නොලොජීස් (Pvt) Ltd අනුග්‍රහය දක්වන ලදි.

Comment here